Mathematics – Grade 6 (ගණිතය – 6 වන ශ්‍රේණිය)

6th Grade Mathematics – Lesson 02 – Place Value (ස්ථානීය අගය)

By studying this lesson, you will be able to,

• know the place value corresponding to the position of each digit in a whole number,

• know the value represented by each digit in a whole number and • read and write in word numbers up to the billions period. Summary

• The place value corresponding to the position of each digit in a number from right to left is respectively 1, 10, 100, 1000, 10000, etc.

• The value represented by each digit in a number is decided according to the position of the digit in the number.

• It is convenient to read and write a number in words when that number is written in standard form.

 

මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට,

• පූර්ණ සංඛ්‍යාවක එක් එක් ඉලක්කම පිහිටන ස්ථානයට අදාළ ස්ථානීය අගය දැන ගැනීමට,

• පූර්ණ සංඛ්‍යාවක එක් එක් ඉලක්කමෙන් නිරූපණය වන අගය දැන ගැනීමට සහ

• බිලියන කලාපය තෙක් සංඛ්‍යා කියවීමට හා අකුරින් ලිවීමට හැකියාව ලැබේ.

සාරාංශය

• සංඛ්‍යාවක එක් එක් ඉලක්කම පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය පිළිවෙළින් දකුණු අත සිට වම් අතට 1, 10, 100, 1000, 10 000 ආදි වශයෙන් වේ.

• සංඛ්‍යාවක එක් එක් ඉලක්කමෙන් නිරූපණය වන අගය, එම ඉලක්කම පිහිටි ස්ථානය අනුව තීරණය වේ.

• සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලියා ගත් විට, එම සංඛ්‍යාව කියවීම හා අකුරින් ලියා දැක්වීම පහසු වේ.